ආනයනික කිරිපිටි මිල පහළට


ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් එකඟ වී තිබේ. ඒ අනුව කිලෝවක් රුපියල් 200කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් හා වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

මීට සමගාමීව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිලද අඩුකිරීමට නියමිතය. මිල අඩුකිරීම නිල වශයෙන් මැයි 15දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.



Recommended Articles