ආනයන සීමාවන් පනවා ඇති භාණ්ඩ තොගයක් රේගු අත්අඩංගුවට


ඉන්දියාවේ කෙටි සංචාරයක නිරත වූ බව හගවමින් , කොළඹ ප්‍රදේශයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 30 දෙනෙකු පමණ , ශ්‍රී ලංකාවට රැගෙන ඒමට , ආනයන සීමාවන් පනවා ඇති , රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා  භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස , ගුවන් මගින් රැගෙන එමින් සිටියදී , කටුනායක ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/22 දින අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ 
( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
 
 මෙම ව්‍යාපාරිකයන් පිරිස නිතර නිතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වල යෙදෙමින් මෙම නීතිවිරෝධී ව්‍යාපාරික කටයුතු වල නිරත වන බව , කාළයක සිට රේගු නිලධාරීන් සිදු කළ විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .
 
මෙසේ මෙම ව්‍යාපාරිකයන් පිරිස තම ගමන් මලු තුළ සගවා ගෙන කහ කිලෝ ග්රැම් 472 ක් , එනසාල් කිලෝ ග්රැම් 352 ක් සහ ඖෂධ විශාල තොගයක් ද රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
 
මෙම පිරිස 09/22 දින උදෑසන 06.30 ට ඉන්දියාවේ චෙන්නායි සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 126 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .


Recommended Articles