ආධුනික ගුවන් සෙබළාගේ සිරුර ළිඳකින් හමුවෙයි


ආධුනික ගුවන් හමුදා පුහුණු සෙබළාගේ  සිරුර අද (30දා) දියතලාව ගුවන් හමුදා පුහුණු පරිශ්‍රයේ ළිඳකින් හමු වූ බව දියතලාව ගුවන් හමුදාව පවසයි.

 මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර දෙවිනුවර පදිංචිව සිටින සුභසිංහ චමෝද් කුමාර නමැති   ආධුනික සෙබළකි.

 මොහු පුහුණු පරිශ්‍රයේ නොමැතිබව උදෑසන දැනගත් පසුව කල සොයා බැලීමකදී සිරුර ළිඳක පාවෙමින් තිබියදී හමුවී ඇත. 

 ළිදට පැන්නේ ද නැතහොත් වැටුණේ ද යන්න හඳුනා ගැනීම සඳහා   දියතලාව ගුවන් හමුදාව සහ  පොලීසිය පරීක්ෂණ පවත්වයි.

හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර 



Recommended Articles