ආදිවාසීන් 44කටත් කොවිඩ්


දඹාන ආදිවාසී ගම්මානයේ ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී 115 දෙනෙකුගෙන් 44 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ආසාදනය වූ පිරිස අතර ආදිවාසි නායකයාගේ බිරිද සහ සහෝදරයෙකු ද වනවා.

ආදිවාසි නායකයාද මේ වනවිට නිවෙස තුළ නිරෝධායනයට යොමු කර ඇති අතර ඔහුගේ බිරිද මහියංගනය මූලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට යොමු කෙරුණා.



Recommended Articles