ආඬිගම හෝටලයට පහරදුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට


පුත්තලම, ආණමඩුව, ආඬිගම නගරය ආසන්නයේ පිහිටි හෝටලයකට පහරදීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු අද (20දා) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

අදාළ සැකකරුවන් පසුගියදා (18දා) රාත්‍රියේ එම ආපනශාලාවට කඩාවැදී එහි දේපොළ විනාශ කරන අයුරු එහි සවිකර තිබූ ආරක්‍ෂක කැමරා (සී.සී.ටී.වී) පද්ධතියේ සටහන්ව තිබිණි.



Recommended Articles