ආණ්ඩුවට ගෙදර යන ලෙසට බල කරමින් ඌව සරසවි සිසුන් උද්ගෝෂණයේ


ජන පීඩක ආණ්ඩුවට ගෙදර යන ලෙසට බල කරමින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදහසක් පමණ  අද (4දා) බදුල්ලේදී උද්ගෝෂණය කළහ .

බදුල්ල පස්සර පාරේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිට මහ වැසිමැද පෙළපාලියකින් බදුල්ල නගරයට පැමිණි මෙම සිසුන්  බදුල්ල මධ්‍යම බස්නැවතුම්පොල ඉදිරියේදී  උද්ගෝෂණයේ නියැලුනහ .

ඉන්පසු සේනනායක පිටියට රැස්ව රැස්විමක් පවත්වා පවතින ජන පීඩක ආණ්ඩුව පළවාහැර තරුණයන්ට නායකත්වය ලැබෙන රටට  හා ජනතාවට ආදරය කරන ආණ්ඩුවක් පිහිටවිය යුතු බව අවධාරණයකළහ.

බදුල්ලේ පාලිත ආරියවංශ  

 



Recommended Articles