ආණ්ඩුවට එක්වන බවට පළවන පුවත් අසත්‍යයයි


තමා සහ චමින්ද විජේසිරි මහතා ආණ්ඩුව සමඟ එක්වීමට සුදානමක් පවතින බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද පැවසීය.

කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මීට දින කිහිපයකට පෙර තමන් හා චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත්වන බවට පක්ෂයේ මහලේකම් වෙත ලිඛිතව දැනුම් දුන් බවත් පක්ෂ මහලේකම්වරයා පමණක් දැනසිටි එම කාරණය මාධ්‍ය වෙතට ගියේ කෙසේදැයි වහාම සොයාබැලිය යුතු බවත් ඒ මහතා පැවසිය.

 



Recommended Articles