ආණ්ඩුවක් ලෙස රටට ගැළපෙන ව්‍යවස්ථාවක් ගෙන ඒම අරමුණයි


ව්‍යවස්ථා සංශෝධනය ගැන ලොකු කලබලයක් ඇති කිරිමට අවශ්‍ය නැති බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු  මන්ති‍්‍ර නිපුණ රණවක මහතා පැවසිය .

මාතර සංවර්ධන කමිටු රැස්විමකට අද (29)  සහභාගිවිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් හෙතෙම එසේ පැවසිය .

එහිදි තවදුරටත් අදහස් පලකල ඒ මහතා ,

‘‘ව්‍යවස්ථා සංශෝධනය ලොකු කලබලයක් ඇතිකරගන්න ඔ්න  නැහැ. පාර්ලිමේන්තුවේදි එහි වෙනස්කම් සාකච්ජා කරලා වෙනස් කරගන්න පුලූවන් . නමුත් එක දෙයක් කියන්න ඔ්න.  මේ  රටේ  ජනතාව ජනවරමක් ලබා දුන්නා ජරාජිර්ණ වු මේ  ක‍්‍රමය වෙනස් කරන්න . ඒ සදහා 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ගෙනත් තිබෙනවා .

1978 රටට ගැලපෙන් නැති ව්‍යවස්ථා හදුන්වලා දුන්නා . අද එහි උච්චතම අවස්ථාවේදි  තමයි අපි ආණ්ඩු කරන්නේ. මේ  ක‍්‍රමය එක්ක යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ . ඒ සදහා කෙටිකාලිනව 20 වන ව්‍යවස්ථා සංශෝධනය හදුන්වලා දුන්නා . 20 වන සංශෝධනයේ වෙනස්කම් තියෙනම්  බහුතරයේ කැමැත්ත පරිදි තින්දු තිරණ ගන්න පුලූවන් . ආණ්ඩුවක් විදියට මේ  රටට ගැලපෙන ව්‍යවස්ථාවක්  ගෙන ඒමට තමයි අපේ මුලික කාලය වැය කරන්නේ . ඒ සදහා කැබිනට්  අනුමැතිය අරගෙන ඒ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා . මම දකින්නේ 20 විතරක් නෙමෙයි පරිපාලන ක‍්‍රමයේ ඉදන් මේ  රටේ  වෙනස් කරන්න ඔ්න . මේ  ආණ්ඩුවේ  වගකිම එය නොපිරිහෙලා ඉටුකිරිම’’ යැයි පැවසිය .



Recommended Articles