ආණ්ඩුව පෙරළා දැමීමට නොහැකියි


බහුතර ජනතා වරමකින් පත් පත් වුනු ආණ්ඩුව පෙරලා දැමීමට ඇතැම් දේශපාලන බලවේග මේ වනවිට රට තුළ  ක්‍රියාත්මක වුනත් ආණ්ඩුව පෙරලා දැමීමට ඔවුන්ට නොහැකි බව පරිසර අමාත්‍යයය ධම්මික පටබැදි මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කලේ අද (2) බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපති නිමල් ජයරත්න. මහතා සිය තනතුරේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් පැවැති උත්සව සභාව අමතමිනි.

එහි දී  වැඩිදුරත් අදහස් දැක් වූ අමාත්‍යයවරයා

පසුගිය ජනාධිපතිවරණයෙන්,මහා මැතිවරණයෙන් විශාල ජනවරමක් ජාතික ජන වේගයේ ආණ්ඩුවට ලබා දෙන ලදී.එය තවදුරටත් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව තහවුරු කලා.. පලාත් පාලන මැතිවරණ කොට්ඨාෂ 5027 න් 3722 ක් ජාතික ජන වේගයට ලබාදුනි.රටේ ප්‍රධාන විපක්ෂයට  පලමු,දෙවන හා තෙවන  ස්ථානයවත් ලබා දී නොමැත.ප්‍රධාන විපක්ෂයට හිම වී තිබෙන්නේ කොට්ඨාෂ 514 ක් පමනයි.

එම නිසා ජනතාව ලබාදුන් එම ජනවරමට ගරුකල යුතුයි.පසුගිය පාලන කාලවල දී රෝගීන්ට ඖෂඨ වෙනුවට ලුණුවතුර  ලබා දී ම මෙන්ම රෝගීන් සදහා විෂ සහිත ඖෂට වර්ග ලබාදී තිබෙනවා.එහි ප්‍රතිළුල ජනතාව විසින් අත්විද එහි ප්‍රතිළුලයක් වශයෙන් වසර 76 ක් රට පාලනය කර ගෙන ගිය අය ප්‍රතික්ෂේප කර ජාතික ජන වේගයට බලය ලබාදුන්නේය.

මේ රටේ හොරකම් ,වංචාව සිදුකල සමහරුන්ට දඩුවම් දෙමින් සිටින අතර තවත් අය පිලිබදව විමර්ෂණ කරමින් පවතිනවා..එම නිසා ඔවුන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පෙරලා දැමීමට කටයුතු කරත්, එය කල නොහැකි බවත්  අමාත්‍යයවරයා පැවැසීය.වර්ථමාන ආණ්ඩුවට  ලැබුනු ජනවරම විකෘති කොට නොයෙක් මත වාදයන් ගෙන ඒමේ අසාර්ථක උත්සහායක ඇතැමුන්  උත්සහා දරණ බව ද පැවැසීය.

වසන්ත රෝහණ කෑගල්ල 



Recommended Articles