ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් ස්ථිර වෙයි


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත්කළ සිවිල් සාමාජිකයින් තිදෙනාගේ නම් අද (11දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ අතර එම නම් සියල්ල පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.

ආචාර්ය ජයන්ත ධනපාල , අහමඩ් ජාවිඩ් යූසුෆ් , නාගනාදන් සෙල්වක්කුමාරන් මහත්වරැන් ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජිකයින් ලෙස පත්කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ , කථානායක කරැ ජයසුරිය , විපක්ෂනායක ආර් සම්බන්ධන් , අමාත්‍ය තලතා අතුකෝරල , අමාත්‍ය මහින්ද සමරසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ , පාර්ලිමෙන්තු මන්ත්‍රී බිමල් රත්නායක යන මහත්ම මහත්මීන් ව්‍යවස්ථා සභාවේ අනිකුත් සමාජිකයින් වේ.

 



Recommended Articles