ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් අද පැවැත්වීමට නියමිතව ති​බේ. ජනාධිපති මන්දිරයේදී අද පස්වරු 6.00 ට මෙය පැවැත්වීමට නියමිතයි.

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමතව ති​බේ.

එම විශ්වාසභංග යෝජනාව හෙට (19) සහ අනිද්දා (20) යන දිනවල දී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.



Recommended Articles