අහුන්ගල්ලේ වෙඩි තැබීමක්


අහුන්ගල්ල බෝගහපිටිය පදේශයේ අද (23)රෑ  සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.

මේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල මිද්දරමුල්ලේ පදිචි අයෙක් බවද පොලීසිය කියයි. යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මේ පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් ඇති බවද පොලීසිය කියයි.

අහුන්ගල්ල පොලීසිය මේ  සම්බන්ධයෙන්  වැඩිදුර පරීීක්ෂණ පවත්වයි. 

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන

 



Recommended Articles