අසේල සම්පත් පැහැරගත් බව ඔහුගේ දියණිය කියයි


සමාජ ක්‍රියාකාරියෙකු වන අසේල සම්පත් මහතා පැහැරගෙන ගොස් ඇති බව ඔහුගේ දියණිය  ෆේස් බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් පැවැසුවාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් යැයි පැවැසූ පිරිසක් මෙසේ සිය පියා පැහැරගෙන ගොස් ඇති බව ඇය සඳහන් කරයි.

“මගේ තාත්තා හදිසි ලෙස ඇවිත් කිසිම දැනුවත් කිරීමකින් තොරව පැහැරගෙන ගොස් තිබෙනවා. අයි.ඩී. එකක් පෙන්නුවේ නෑ. සිවිල් පිට ආවේ. අමානුෂික ලෙස පැහැරගෙන ගියා. බලධාරයිනි ඉක්මනින් හොයන්න.”

 



Recommended Articles