සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කොම්පඤ්ඤවීදිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ වෝක්ෂොල්වීදිය පිහිටි පාරිභෝගික සේවා අධිකාරියට පැමිණ එහි සේවකයන්ට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් විවෘත වරෙන්තුවක් මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

