අසුනක් හිස් බව මැකොසට දන්වයි


පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා 2021 ජූලි 06 වන දින සිට බල පැවැත්වෙන පරිදි තම පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වූ බව  තම අත්සන යටතේ ලිපියකින් දන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා යවා තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ  මන්ත්‍රීවර‍යාගේ අසුන හිස්ව ඇති බව 1988 අංක 35 දරන ඡන්ද විමසීම් පනතින් සංශෝධිත 1981 අංක 01 දරන මැතිවරණ පනත යටතේ දැනුම් දෙන බව මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවූ ලිපියේ සදහන් වේ.

 



Recommended Articles