අසිතගේ ගෝලයෙක් අල්ලයි


විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන " අසිත " යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගන යනු ලබන ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ 24 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක්   හා වටිනා ස්මාර්ට් ජංගම දුරකථනයක්ද   සමග ලුනාව කලපු පාලම අසලදී ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි.පොලීසිය පැවසීය. 

සැකකරු මොරටුව ලුනාව පදිංචිව සිටින වයස අවුරුදු (40) ක්ද වන අතර, ලීබඩු පින්තාරු කරුවකු ලෙස රැකියාවේ නියුතුව සිටින අතර ,අමතර ආදායම් සදහා විදේශගත ප්‍රධාන ජාවාරම්කරු විසින් ලබාදෙන දුරකථන ඇමතුම් අනුව තොග වශයෙන් ලබා ගන්නා අයිස් මත්ද්‍රව්‍ය නිවසේ සිට පැකට්කර ලුනාව ,මොරටුව, රත්මලාන, දෙහිවල ,පිළියන්දල, කොහුවල යන ප්‍රදේශවලට දීර්ඝකාලීනව බෙදාහැර ඇතිබවට අනාවරණය වී ඇතැයිද පොලීසිය පැවසීය. 

දෙහිවල- එච්.එම්.ධර්මපාල 



Recommended Articles