අසාදු කල සමාගමකින් පිළිකා ඖෂධ ගැනීමේ සූදානමක්


ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ ලබාදීම නිසා පිළිකා ඖෂධ ලබා ගැනීම නවතා දැමීමට තීරණය කර තිබූ සමාගමෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් පිලිකා ඖෂධ මිලදී ගැනීමට තීරණය කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජනාධිපති විශේෂ විමර්ශන සභාවේදී ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ ලබාදීම පිළිබඳව හෙලිවූ බවත් ඉන්පසුව ඒ පිළිබඳව විමර්ශනයක් කල බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

එසේ තිබියදී සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු කිහිප දෙනෙකුගේ මැදිහත්වීම මත නැවත වතාවත් අදාළ සමාගමෙන් පිළිකා ඖෂධ ලබාගැනීමට තීරණය කර තිබෙන බවත් මේ නිසා රෝගී ජීවිත අනතුරකට ලක්වන බවද අද (17 දා) මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.   



Recommended Articles