අස්වැසුමෙන් මිදෙන්න දෙන ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන සිමාව රු. 200000ක් දක්වා ඉහළට


අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඉන් මුදවා ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකු හා ලෝක බැංකු මූල්‍යාධාර වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. මේ වන විට ආසියානු සංවර්ධන බැංකු ප්‍රදාන  යටතේ පවුල් 8660ක්  වෙත ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබා දි තිබේ. ලේක බැංකු වැඩසටහනයටතෙ පවුල් 4900ක් වෙත මෙම ප්‍රදානය ලබාදී තිබේ. 

මේ අනුව තවත් පවුල් 6600ක් වෙත ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබාදිමට සැලසුම්කර ඇති අතර ලබාදෙන මූල්‍ය ප්‍රදානය රුපියල් 150000 සිට රුපියල් 200000ක් දක්වා වැඩිකිරීමටද කැබනට් අනුමැතිය ලැබී තිබේ.



Recommended Articles