අස්වැසුම වැඩිහිටි දීමනාව හෙට බැංකු ගිණුම්වලට


‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ජූනි මාසයට අදාළ වැඩිහිටි දීමනාව හෙට (03) දින බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,761 දෙනෙකුගේ ගිණුම්වලට රුපියල් 3,108,805,000 ක මුදලක් බැර කිරීමට නියමිතය.

එමෙන්ම දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 76,139 දෙනෙකු සඳහා රුපියල්380,695,000 ක මුදලක්ද ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇති බවද එම මණ්ඩලය සඳහන් කරයි.



Recommended Articles