අස්වැසුම මුදල් අද බැංකුවට


මෙම මාස­යට අදාළ අස්වැ­සුම සුබ­සා­ධක ප්‍රති­ලාභ අද (14) ප්‍රති­ලා­භීන්ගේ බැංකු ගිණු­ම්ව­ලට බැර කිරී­මට නිය­මි­තව තිබේ. ඒ අනුව, අදාළ ප්‍රති­ලා­භීන්ට අද සිට සිය අස්වැ­සුම බැංකු ගිණුම් හරහා එම මුදල් ලබා­ගත හැකි බව සමාජ සුබ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලය පව­සයි. අස්වැ­සුම සුබ­සා­ධක වැඩ­ස­ට­හනේ පළමු සහ දෙවන අදි­ය­ර­යන් යටතේ ප්‍රති­ලාභී පවුල් 1,197,728ක් සඳහා ලබා දීමට නිය­මිත මුළු මුදල රුපි­යල් බිලි­යන 11.16කි.

අස්වැ­සුම පළමු අදි­යර යටතේ ප්‍රති­ලාභී පවුල් 985,283ක් සඳහා රුපි­යල් බිලි­යන 9.12ක මුද­ලක් ලබා දීමට නිය­මි­තය. දෙවන අදි­යර යටතේ ප්‍රති­ලාභී පවුල් 212,445ක් සඳහා රුපි­යල් බිලි­යන 2.04ක මුද­ලක් බැර කිරී­මට නිය­මි­තව තිබේ.

 



Recommended Articles