අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාවන් මෙන්ම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනා අද (28) දිනයේදී එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අස්වැසුම පළමු අදියර යටතේ, රු. 11,234,713,750ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,584ක් අතර බෙදා හැරීමට නියමිත අතර, එම මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරේ.
එමෙන්ම, අස්වැසුම පළමු අදියරට අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රු. 3,092,200,000ක මුදලක් ප්‍රතිලාභීන් 618,440ක් අතර බෙදා හැරීමට නියමිතය.
අස්වැසුම දෙවන අදියරට අදාළව, ජනවාරි මස දීමනාව ලෙස රු. 2,235,137,500ක මුදලක් ප්‍රතිලාභී පවුල් 248,454ක් අතර බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමටද සැලසුම් කර ඇත.
තවද, අස්වැසුම දෙවන අදියරට අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රු. 340,915,000ක මුදලක් ප්‍රතිලාභීන් 68,183ක් අතර බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

