අස්ගිරිය දොඩම්වල මාර්ගයේ කොටසක් ගිලා බසියි


මහනුවර ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර නගර සභා බල සීමාවේ අස්ගිරිය දොඩම්වල පටු මාර්ගයේ විශාල කොටසක් ගිලා බැස තිබේ.

ගිලා බැසීමට ලක් වූ ස්ථානයට ඉහළින් තිබෙන සණස කාර්යාල ගොඩනැගිල්ලද ගිලා බැසීමට ලක්ව තිබෙන අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

ප්‍රදේශවාසීන් පවසන්නේ දැනට දින ගණනාවක සිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විටින් විට එම මාර්ගය ගිලා බැසීමට ලක් වූ බවත් ඊයේ (20) රාත්‍රියේ සණස කාර්යාල ගොඩනැගිල්ලද සමග එම ප්‍රදේශය විශාල ගිලා බැසීමකට ලක්වූ බවයි. 

 



Recommended Articles