අඩ සියවසකට අධික මහා ශාසනික සේවයක් ඉටුුකොට අපවත් වී වදාළ ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අති ගෞරවාර්ය අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය අස්ගිරි මහා විහාරීය පවර උපාලි අනුස්මරණ ශාලාව වෙත අද (22) වැඩම කරවනු ලැබීය.
උන්වහන්සේගේ ශ්‍රී දේහය උන්වහන්සේ විහාරාධිපතිත්වය දැරූ ගුහාගොඩ ලියන්ගස්තැන්න පුරාණ විහාරයේ අද (22) සවස 2.000 වනතුරු මහජන ගෞරවය සඳහා තැන්පත් කොට තිබූ අතර ඉන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහය අස්ගිරි මහා විහාර පරිශ්‍රය වෙත වැඩම කරවනු ලැබීය.
උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අනිද්දා (24) පූර්ණ රාජ්‍ය ගෞරවය ඇතිව අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය.