රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුදා හැර තිබේ. පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අශෝක රන්වල මහතාව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලට පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරියේය. රු ලක්ෂ 02ක ශරීර ඇපයක් මත සැකකරු මුදා හැරි අතර නඩුව යළිත් ලබන 19දා කැඳවීමටද නියමිතය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ් ඊයේ රාත්‍රයේ සපුගස්කන්ද ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා, සමගි ජන බලවේගයේ නීතිඥයින් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය

