අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමට පනතක්


තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ නිර්මාණය කරන අශ්ලීල හෙවත් අශිෂ්ට ප්‍රකාශන සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට පනත් කෙටුම්පතක් සකස් කර ඇ​ත.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවට සඳහන් වෙයි.



Recommended Articles