අවුරුදු හැට ඉක්මවු සියලු මන්ත්‍රීවරුන්ට තුන්වන මාත්‍රාවක්


වයස අවුරුදු හැට ඉක්මවු සහ සංකූලතාවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තිරණය කර ඇත.

මෙසේ එන්නත ලබාදෙන සියලුම මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදි එන්නත්කරණය සිදු කිරිමට නියමිතව ඇත.

මෙම මස 8වනදා සිට නොවැම්බර් 12වනදා දක්වා දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා එන්නත් ලබාදිම සිදු කෙරේ.



Recommended Articles