වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් යටිරාවණ ප්‍රදේශයේ අතුරු මාර්ගයක අවුරුදු හතරක් පමණ වන කුඩා දැරියක අද (13) උදේ ත්‍රීරෝද රථයකින් ගෙනවිත් දමා ගොස් සිටියදී පොලිසිය මගින් සොයා ගෙන තිබේ.
අද (13) වනදා උදේ 6.15 ට පමණ මෙම ස්ථානයේ අතුරු මාර්ගයක් ඔස්සේ ත්‍රී රෝද රථයකින් පැමිණ අවුරුදු හතරක් පමණ වන මෙම දැරිය එම ස්ථානයේ දමා ත්‍රී රෝද රථය පලාගොස් ඇති අතර ඒ අවස්ථාවේදී දැරියගේ හැඩීමේ ශබ්දය ඇසී ප්‍රදේශවාසින් එක්ව පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලබා දී තිබේ.
ඒ අනුව වහාම එම ස්ථානයට ගිය වත්තේගම පොලීසියේ නිලධාරින් දැරිය පොලිස් භාරයට ගෙන වත්තේගම රෝහලින් මූලික ප්‍රතිකර ලබා දී වැඩි දුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබ තිබේ.
මෙම දැරිය කොළ පැහැති ත්‍රීරෝද රථයකින් මෙම ස්ථානයට රැගෙනවිත් දමා ඇති බවට පොලීසිය තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර දැරියගේ දෙමාපියන් විසින් ත්‍රී රෝද රථයෙන් දැරිය ගෙනවිත් දමන්තට ඇති බවට පොලීසිය සැක කරන අතර ඔවුන් සොයා විශේෂ මෙහෙයුමක් මේ වන වන විට ආරම්භ කර තිබේ.
මෙම දැරියට නිරන්තරයෙන් හිරිහැර සිදු වන බවට ඇගේ ශරිර ලක්ෂණවලින් පෙනී යන බැවින් මේ පිළිබඳව වෛද්‍ය වාර්තා ලබා ගැනීමට නියමිතව තිබේ.


