අවුරුදු නිවාඩු සමයේ ශ්‍රී පාද ස්ථානය


දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට බෞද්ධ, හින්දු ඇතුළු අන්‍යාගමිකයින් රැසක් මෙසේ ශ්‍රීපාදස්ථානය බලා පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලීසිය කියයි.

දුම්රියෙන් හැටන් බලා පැමිණෙන වන්දනාකරුවන් සඳහා  විශේෂ බස් සේවාවක් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා හැටන් ලංගම ඩිපෝව මගින් යොදවා ඇති බව එම ඩිපෝවේ ධාවන අංශය පවසයි.

කුලී බස් හා වෑන් රථ වලින්ද විශාල වන්දනාකරුවන් පිරිසක් නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටිති. නල්ලතන්නියේ පිහිටි සියළු රථ ගාල්, වන්දනාකරුවන් රැගෙන පැමිණි බස් රථවලින් පිරී යාම නිසා  නල්ලතන්නිය-මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ලක්ෂපාන ප්‍රදේශය දක්වා කිලෝ මීටර් 03 ක පමණ දුරක් මාර්ගයේ දෙපස බස් හා වෑන් රථ ගාල් කිරිම සිදු කර තිබුණි.

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක



Recommended Articles