අවුරුදු නෑගමන රෝහලින් නිමවෙයි


අවුරුදු නෑගම් යමින් සිටි  ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් බන්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කල බව බණ්ඩාරගම පොලිසිය කියයි.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් තිදෙනෙකු වන බව පොලිසිය කියයි.

ත්‍රීරෝද රථය බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වීමේ දී  ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදිය එක වරම මාර්ගය හරහා ධාවනය වීමත්  සමගම එය බේරීම සඳහා ත්‍රීරෝද රථ රියදුරු දකුණට කැපීමේදී යතුරුපැදිය ත්‍රීරෝද රථයේ ඉදිරිපස වම්පස ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

සිදුවූ අනතුරක් සමඟම ප්‍රදේශවාසීන් වහා එම ස්ථාන පැමිණ තුවාල ලබා සිටි පුද්ගලයන් පස් දෙනාම කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන තිබූ අතර  බරපතල තත්ත්වයේ සිටි යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

අනතුරින් යතුරු පැදියට සහ තීරෝද රතයක බරපතල අලාභ සිදු වී ඇත.

 



Recommended Articles