අවුරුදු දෙකේ දැරිය ගෙදර වතුර ටැංකියට වැටී මරුට


වව්නියාව නෙලුක්කුලම් ප්‍ර දේශයේඅවුරුදු දෙකක් වයසැති දැරියක් ගෙමිදුලේ තිබූ වතුර ටැංකියකට වැටී දියේ ගිලීම හේතුවෙන් ඊයේ (26) සවස මිය ගොස් ඇතැයි නෙලුක්කුලම් පොලීසිය පවසයි.

 දැරිය ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටින අතර තුරදී මෙලෙස වතුර ටංකියට වැටී මිය ගොස් ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

නිවසේ නිවසැයින් නිවසතුල සිටින අවස්ථාවේදී දෙහැවරිදි දැරිය ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිට වතුර ටැංකිය අසලට ගොස් සෙල්ලම් කිරීමේදී එකවරම වතුර ටංකියට වැටී ඇතත් කිසිවෙකුද එය දැක නොමැත.

දැරිය වතුර ටැංකියට වැටෙන අවස්ථාවේදී ටංකියේ වතුර පුරවා තිබීම හේතුවෙන් දැරිය දියේ ගිලී ඇති අතර පසුව නිවැසියන් විසින් දැරිය නොමැතිවීමෙන් සොයා බැලීමේදී දැරිය වතුර ටැංකිය තුලට වැටී සිට දැක ඇත.

එම අවස්ථාවේදීම නිවැසියන් විසින් දැරිය වව්නියාව මහරෝහලට රැගෙන ගියද ඒ වන විටත් දැරිය මිය ගොස් තිබුණි.

දෙමාපියන්ගේ නොසැලකිලිමත් බාවය හේතුවෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස කුඩා දරුවන් මිය යන බවටත් මෙලෙස මිය ගොස් ඇත්තේ නෙලුක්කුලම් ප්රදේශයේ පදිංචි දෙහැවිරිදි එල්. දිව්යා නැමති දැරියක් බවට පරික්ෂණ සිදුකරන නෙලුක්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 



Recommended Articles