අවුරුදු දහසයක පාසල් ශිෂ්‍යාවක් අතුරුදහන්


මැදගම නන්නපුරාව දියකොබල ප්‍රදේශයේ පදිංචි අවුරුදු දහසයක් පමණ වයසැති පාසල් ශිෂ්‍යාවක් ඉකුත් (20) වෙනිදා සිට අතුරුදහන්වී ඇතැයි මැදගම පොලීසිය පවසයි.

ඇය උපකාරක පන්තියකට යාමට නිවසෙන් පිටවගොස් ඇතත් ආපසු නොපැමිණි බවට මව විසින් පොලීසියට පැමිණිල්ලක්කර තිබේ.
සිද්ධිය පිළිබඳව මැදගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මොනරාගල සුමනසිරි ගුණතිලක  



Recommended Articles