අවුරුදු තුන හමාරක දැරියක් කිඹුලෙකුට බිලි


මීගලෑව පොලිස් වසමේ යාය 03 ඇළේ කාන්තාවක් තම කුඩා දියණිය සමගින් දිය නාමින් සිටියදී කුඩා දැරියව කිඹුලෙක් ඩැහැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

ප්‍ර දේශවාසීන් හා මීගලෑව වනජීවී කාර්යාලයේ නිලධාරින් එක්ව දැරිය කිඹුලාගේ ග්‍රහනයෙන් බේරාගෙන තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු තුන හමාරක් වූ ලීකොළ වැව, උස්ගල සියඹලංගමුව ප්‍රදේශයේ පදිංචි දැරියකි.



Recommended Articles