අවුරුදු උත්සව පැවැත්විම පිළිබදව අවසන් තිරණය ලබන සතියේ


අවුරුදු උත්සව පැවැත්විම සම්බන්ධයෙන් එළෙඹන සතියේ අවසන් තීරණයක් ගන්නා බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තිරණය ගැනීමට නියමිත බවයි යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අලුත් අවුරුදු උත්සව පැවැත්විම සඳහා වන නිර්ණායක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත යොමුකර තිබෙනවා. ඒ අනුව එම නිර්ණායක තාක්ෂණික කමිටුව වෙත යොමු කර අවසන් තීරණය ගැනීමට නියමිතයි.

 



Recommended Articles