අවුරුදු 81ක කාන්තාවක් අයිස් නිසා අත්අඩංගුවට


කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී 2026.06.30 දින අළුයම කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නිවසක තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728 ක් සමඟ එම නිවසේ හිමිකාර කාන්තාව අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
 
සැකකාරිය අවුරුදු 81 ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකාරියගේ පුත්‍රයා නිවසේ සිට පලාගොස් ඇති අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.


Recommended Articles