අවුරුදු 60ට වැඩි අයට බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත


වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, අසේල ගුණවර්ධන පවසා සිටියි.

මේ අතර වයස අවුරුදු 30ත් - 60ත් අතර පිළිකා සහ වකුගඩු ආබාධවලින් පෙළෙන පුද්ගලයින් ට, සෞඛ්‍ය අංශ සේවකයින්ට හා ඉදිරිපෙළ අනෙකුත් සේවකයින් සඳහා ද තෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles