අවුරුදු 4කට පසුව වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ආපු මාසය දෙසැම්බර්


දෙසැම්බර් මාසයේදී මේ දක්වා සංචාරකයන් 200000 කට අධික පිරිසක් ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව වසර හතරක කාලයකදී එක් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණය මේ මාසයේදී වාර්තා වූ බවද ඔහු පවසයි.

එසේම මේ වසරේදී සංචාරක ඉලක්කය වූ මිලියන 1.5 ක ආසන්නයටම පැමිණි බවද ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි. 

 



Recommended Articles