අවුරුදු 27කට පසුව අලුත් වූ ගමන


වසර 27 කට පසුව යළිත් ප්‍රංශ ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කරමින් , එම ගුවන් සේවයේ ගුවන් යානයක් අද (05දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ප්‍රංශ ගුවන් සේවයේ  ඒ.එෆ්.- 268 දරන එම ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට මාලදිවයින හරහා අද සවස 02.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය .මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 65 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
අද සිට මෙම ගුවන් සේවයේ ගුවන් යානා සතියකට දින 03 ක් ප්‍රංශයේ පැරිස් නුවර හා ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් සිදු කිරීමට නියමිතය.

ඉරිදා , අගහරුවාදා සහ සිකුරාදා පෙරවරු 11.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ප්‍රංශ ගුවන් සේවයේ මෙම ගුවන් යානා යළිත් පස්වරු 12.40 ට කටුනායක සිට පැරිස් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

එසේම ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද සතියකට දින 03 ප්‍රංශයේ පැරිස් නුවර වෙත තම ගුවන් යානා මෙහෙයුම් සිදු කරන අතර , ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ සිට ප්‍රංශයේ පැරිස් නුවර වෙත සතියකට ඍජු ගුවන් ගමන් වාර  06 ක් ක්‍රියාත්මක වේ. 



Recommended Articles