අවුරුදු 18ට අඩු ළමුන් මැලේසියාව හරහා යුරෝපයට යවන ජාවාරමක් හෙළිවෙයි


ශ්‍රී ලංකාවේ ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

අවුරුදු 18ට අඩු උතුරු නැගෙනහිර පදිංචි ළමුන් මුලින්ම නීත්‍යානුකූල ගමන් බලපත්‍ර හරහා මැලේසියාවට යොමුකරන අතර පසුව ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් ඔවුන් මැලේසියාවේ සිට ප්‍රංශය, බ්‍රිතාන්‍ය වෙත යොමුකරන බවට තොරතුරු හෙළිකරගෙන තිබේ..

මේ වන විට ලංකාවෙන් ළමුන් 13ක් පමණ මැලේසියාවට යොමුකර ඇති අතර ඒ සඳහා ජවාරම්කරුවෙක් සම්බන්ධ බවට තොරතුරු හෙළිකර ගෙන තිබේ.

 



Recommended Articles