අවුරුදු 12ට ඉහළ දරුවන්ටත් ෆයිසර් එන්නත


අවුරුදු 12 -15 ත් අතර සියලු දරුවන් සඳහා ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිව ඇත.

අවුරුදු 16-18 ත් අතර දැනට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදී ඇති දරුවන්ට දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදීමට තීරණය කළ බව අද(13) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර සිටියේය.



Recommended Articles