අවු. 25ක තරුණිය කෝටියක හෙරොයින් සමග අල්ලයි


25 හැවැරිදි තරුණියක් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 121ක් සමග මට්ටක්කුලිය පොලිස් වසමේ ඩිපෝව හංදිය අසළදී කොළඹ උතුර කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවා තිබේ. සැකකාරිය මෝදර ප්‍ර දේශයේ පදිචිකාරිණියක් වන අතර අද (24දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



Recommended Articles