අවු. 12ක දරුවෙකුගේ කටට වෙඩි තියලා


කොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේදී  අද (14දා)  දොලොස්  හැවිරිදි දරුවකුගේ කටට බෙහෙත් කොටන තුවක්කුවකින් සිදුකළ වෙඩි තැබීමකිින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කොස්ලන්ද පොලීසිය කියයි.

කොස්ලන්ද කැළිපනාවල ප්‍රදේශීයේ ගෙවත්තකදී  මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව පොලීසිය කියයි.

මුඛය ආශ්‍රිත ප්‍රදේශයේ බරපතල තුවාල ලබා සිටි මෙම පිරිමි දරුවා සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල පළාත් මහ රෝහලට මාරු කර යවා ඇතැයිද පොලිසිය කියයි.

 සිද්ධිය සම්බන්ධව 21 හැවිරිදි තරුණයෙකු වෙඩි තැබීමට යොදා ගත් බෙහෙත් කොටන තුවක්කුව සමඟ අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. 

කොස්ලන්ද  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නසිරි බණ්ඩාර මහතා ගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ. 

සමන් පාලිත නානායක්කාර



Recommended Articles