අවිගත්තෝ අවියෙන්ම නැසෙති


කඳාන හා ඒ අවට ප්‍ර දේශවල සිදුවූ වෙඩි තැබීම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

ඊයේ රාත්‍රී සපුගස්කන්ද ප්‍ර දේශයේ සිදුවූ මෙම වෙඩි හුවමාරුවේදී මියගොස් ඇත්තේ අවුරුදු 49ක් වන පුද්ගලයෙකි. ඔහු අංගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය ඔක්තෝබර් 05 දා පොල්පිතිමූකලාන ප්‍ර දේශයේදී සිදුවූ වෙඩි තැබිමකට සම්බන්ධ මෙම සැකකරු නැවතී සිටි නිවසක් කඳාන පොලීසිය වැටලීමෙන් පසුව මෙම වෙඩි හුවමාරුව සිදුව තිබේ.

 



Recommended Articles