අවසන් පැය 24 දි ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් දෙගුණයකින් වැඩිවෙලා


පෙර දිනයට සාපේක්ෂව ඊයේ (05)  දිනයේදි ඉතාලියේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම දෙගුණයකින් වැඩිවි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය  පවසයි.

ඊයේ (05)  දිනයේදි ඉතාලියේ නව ආසාදිතයන් 384 ක් වාර්තා වනවිට මරණ 10 ක් වාර්තා වි තිබේ.

මෙම කාලයේදි ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,181ක් වාර්තා වු බව සෞඛ්‍ය  අමාත්‍යාංශය  පැවසීය .                                                                                                                       

ඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරිම ආරම්භ වු  පෙබරවාරි (21)  දා සිට ඊයේ අගෝස්තු (05)  දක්වා කාලය තුල PCR පරික්ෂණ 7,041,040 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 248,803 ක් තහවුරු කරගෙන තිබෙන බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පවසයි.         

චන්දන ප්‍රනාන්දු                                                                                                                    

                                                                                                                                                                                                                                                                          



Recommended Articles