අවශ්‍ය වුණොත් සිවුවැනි මාත්‍රාව දෙනවා


තවත් වසර දෙකක් ඇතුළත මෙරට භාවිතා කරන ඖෂධවලින් 70%ක් රට තුළම නිෂ්පාදනය කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි .

ඊයේ (15දා) මහනුවරදී මාධ්‍ය හමුවේඅදහස් දක්වමින්ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය.

“එම ඖෂධ නිෂ්පාදනය සඳහා මුල් ආරම්භය අපි ලබාදී තිබෙනවා . තව වසර තුනක් ගිය පසු කෝ කළාද කියා අසන්න බලා සිටිනු වෙනුවට මෙය සාර්ථක කර ගැනීමට සහාය දීම සැමගේම යුතුකමක් .

ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයක් මේ වන විට හතරවන එන්නත ලබාදීම ආරම්භ කර තිබෙනවා . ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් ජනතා සුබ සිද්ධිය පිණිස සිව්වන එන්නත ලබාදීමට පියවර ගන්නවා”

ෂේන් සෙනෙවිරත්න 



Recommended Articles