අවම බස් ගාස්තු රු. 3කින් ඉහළට


අවම බස් ගාස්තු රුපියල් තුනකින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. පෞද්ගලික බස් සංගම් හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණය ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 14ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 17ක් දක්වා ඉහළ යනු ඇත.

මීට අමතරව රුපියල් 17ක්ව පැවැති බස් ගාස්තුව රුපියල් 20 දක්වාත්, රුපියල් 23ක්ව පැවැති බස් ගාස්තුව රුපියල් 27 දක්වාත්, රුපියල් 28ක්ව පැවැති බස් ගාස්තුව රුපියල් 33 දක්වාත්, රුපියල් 33ක්ව පැවැති බස් ගාස්තුව රුපියල් 39ක් දක්වාත් ඉහළ යනු ඇත.

මෙම බස්ගාස්තු වැඩිවීම ජනවාරි 05 දා සිට බලපැවැත්වෙයි.

 

 



Recommended Articles