අවධමනය තවදුරටත් ලිහිල් වෙයි


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් අවධමන තත්ත්වයෙහි පෙන්නුම් කළ ලිහිල් වීම 2025 මැයි මාසයේ දී ද දක්නට ලැබුණ බව මහ බැංකුව පවසයි.

ඒඅනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 2.0ක මතුපිට අවධමනයට සාපේක්ෂව 2025 මැයි මාසයේ දී සියයට 0.7ක පහළ අවධමනයක් පෙන්නුම් කළ බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.



Recommended Articles