අලෙවි කිරිමට නොහැකි මත්ස්‍ය තොග සියල්ල රජයෙන් මිලදි ගැනිමේ තිරණයක්


නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අලෙවි කිරීමට නොහැකිව ධීවරයින් සතුව පවතින මාලූ තොග සියල්ල ඉදිරි දින 4ක් තුල මිලදී ගෙන අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. 

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් පසු පෑලියගොඩ මත්ස්‍ය වෙළද පොල ආශ‍්‍රීතව කොරෝනා පොකුරක් බිහිවීමත් සමඟ මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනීමට ගැටලු මතු වුණි. ඊට එක් හේතුවක් වූයේ ප‍්‍රධාන වරායන් ආශ‍්‍රිත ධීවර කටයුතු තාවකාලිකව නතර කිරීමයි. 

මෙලෙස මිලදී ගන්නා මත්ස්‍ය තොග ඉදිරියේදී සැමන් නිෂ්පාදනයට යොදා ගැනිමට පියවර ගන්නා බව සඳහන් වෙයි.

 



Recommended Articles