අලුත්ගම රාජ්‍ය බැංකු හා සෙසු රජයේ නිලධාරීන් 100 දෙනෙකුට PCR


අලුත්ගම නගරයේ රාජ්‍ය බැංකුවල හා සෙසු රාජ්‍ය ආයතන වල කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සිය දෙනෙකු සඳහා අද (06) පී.සී.ආර් පරීක්ෂණ අලුත්ගම දී සිදුකළ බවට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා පැවසීය.

අලුත්ගම පොලිස් බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 09 දෙනෙකු මේ වන විට හමු වී ඇති අතර බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් 69ක් අද (06) දින වන විට වාර්තා වී රෝහල් වෙත යොමු කර ඇතැයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා



Recommended Articles