අලි සබ්‍රීට චෝදනා කළ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිට අධිකරණයෙන් වාරණයක්


නීතිඥ අලි සබ්‍රීට එරෙහිව මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල කළ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිට අධිකරණයෙන් වාරණ නියෝගයක් පනවා ති​බෙන බවට වාර්තා වනවා.

පසුගිය දින මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් නීතිඥ අලී සබ්‍රීට විවිධ චෝදනා එල්ල කළ අතර ඒ සම්බන්ධයෙන් නීතිඥවරයා අධිකරණයේ පිහිට පතා තිබූ අත​ර එළබෙන ජුනි 11 දක්වා නීතිඥ අලී සබ්‍රීට කිසිඳු අන්දමේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම වළක්වා අධිකරණය විසින් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිට මෙම වාරණ නියෝගය පනවා තිබේ.



Recommended Articles