අලි රොෂාන්ට වසර 15ක බරපතල වැඩ සහිත සිර දඩුවම්


බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු වූ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් පැනවීය.

ඒ එම නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය. එසේම විත්තිකරුට රුපියල් ලක්ෂ 206ක දඩයක්ද නියම කෙරුණි. අලියා රාජසන්තක කිරීමට ද නියම කළේය.

මෙම සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කළහ.



Recommended Articles